Header Ads

Breaking News
recent

සජිත්ට පාර්ලිමේන්තුව තහනම් කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරයි

සති දෙකක කාලයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුව තහනම් කරන ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා විපක්‍ෂ නායකවරයා ලෙස අශෝභන වචන භාවිතා කරමින් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකෝප කළේ යැයි චෝදනා මත මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා ය.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරවම ස්ථිර කරන ලදී.

ඒ අනුව විපක්ෂ නායකවරයාට පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් කතානායක වරයා ඉදිරියේදී තීන්දුවක් ගැනීමට නියමිතව ඇත.

අය වැය විවාදය පවතින අතරතුර අවස්ථා කිහිපයකදීම සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු පක්ෂයට දැඩි චෝදනා එල්ල කලේය.


No comments:

Powered by Blogger.