Header Ads

Breaking News
recent

රාජපක්‍ෂලාගේ දේපල රාජසන්තක කරන්න චන්ද්‍රිකා ගෙන් යෝජනාවක්

රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් චෝදනා අධිකරණය විසින් වරදකරුවන් කර ඇති පුද්ගලයන්ගේ දේපළ පිළිබඳ සොයා බලා ඒවා රාජසන්තක කළ යුතු බවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

එය සිදුකිරීම සඳහා ලෝක බැංකුවේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් ලෝක බැංකුවේ සහාය ඊට ලබා ගත හැකි බවත් ඇය සදහන් කළාය.

එම මුදල් ලබා ගත් පසු මෙරට ආර්ථිකයට යොදාගත හැකි බවත් ශ්‍රී ලංකාවේ ණය ගෙවා දැමීමට යොදා ගත හැකි බවද ඇය පෙන්වා  දෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය, රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු හා පුද්ගලයන් හත් දෙනෙකු මෙරට ආර්ථිකය බිඳ වැටීමට වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව මාධ්‍යවෙත අදහස් පලකරමින් ඇය මේ බව කියා සිටියාය.

මේ වන විට එම හත් දෙනාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවටත් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට  යෝජනා  කර  තිබේ.

No comments:

Powered by Blogger.