Header Ads

Breaking News
recent

රට සවාරි ගිහින් හිතේ හැටියට ෂොපින් කරපු ලංවීමේ නෝනාට වැඩ වරදී!

කාට වුණත් මේ වගේ වැඩ කරන්න පුළුවන්ද.. මේ කතාව ඇහුවාම ඔබටත් එහෙම හිතෙන්න පුළුවන්..

එන වසටේ විශ්‍රාම යාමට නියමිත මේ නිලධාරිනිය කර තිබූ දේ නිසා විදුලිබල මණ්ඩල සේවලයන් ගොඩක් කළබල වෙලා...

ප්‍රංශයේ සති තුනක අධ්‍යාපන චාරිකාවකට සහභාගීවන ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිනියකට මිලදී ගත් රුපියල් 35,000 ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක බෑගයකට විදුලිබල මණ්ඩලය රුපියල් 63,000 ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසුවා...

අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමසුමේදී පැවසුවේ අදාල ගෙවීම් පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස එම මණ්ඩලයේ විගණන අංශයට යොමු කළ බවත් විගණන වාර්තාවෙන් පසුව ඒ පිළිබඳව නිෂ්චිත ප්‍රකාශයක් කළ හැකි බවත් සභාපතිවරයා පවසා සිටියා..

අදාල රුපියල් 63,000 ක මුදල සංචාරය නිමකර නැවත පැමිණීමට පෙර අදාළ සැපයුම්කරුවන්ට ගෙවන ලෙස මෙම නිලධාරිනිය මුදල් කළමනාකරු වෙත නියෝග කර ඇති බවත් ඒ අනුව එම මුදල මේ වන විටත් සැපයුම්කරුවන්ට විදුලිබල මණ්ඩලය ගෙවා ඇති බවත් විදුලිබල මණ්ඩලයේ සේවකයෝ චෝදනා කරනවා..


No comments:

Powered by Blogger.