Header Ads

Breaking News
recent

Breaking News : ෂම්මි වැඩ අල්ලයි!... ක්‍රිකට් අතුරු කමිටුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් තහනම් නියෝගයක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පත් කළ සත් පුද්ගල අතුරු කමිටුවේ ක්‍රියාකාරීත්වය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය  විසින් දින 14ක තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා  විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

පැවති ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය අහොසි  කරමින් සත් සාමාජික අතුරු පාලක මණ්ඩයක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ක්‍රීඩා පනතේ ඔහුට හිමි බලතල ප්‍රකාව ඊයේ පත් කරනු ලැබුවේය.

අර්ජුන රණතුංග මහතා සභාපතීත්වය දරණ එම කමිටුවේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් , විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රකිත රාජපක්ෂ සහ  හිෂාම් ජමල්ඩීන් සාමාජිකයෝ වූහ.


No comments:

Powered by Blogger.