Header Ads

Breaking News
recent

ඉන්දියාවේ ඉල්ලීමට චීන නැවට ලංකා මුහුදට එන්න අවසර නැහැ

ගවේශණයක් සඳහා පැමිණෙමින් සිටින ‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් ත්‍රී’ (Xiang Yang Hong 03) නම් චීන නෞකාවට සී ඔෆ් ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුළුවීමට අවසරදීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. මේ බව නම ප්‍රකාශ කිරීමට අකමැති රජයේ ජ්‍යෙෂ්ඨ  නිලධාරියකු තහවුරු කළ බව “නිවුස් ෆස්ට්” වාර්තා කර ඇත.

එම නෞකාව ලබන ජනවාරි 05 වැනිදා සිට මැයි මස අග දක්වා සී ඔෆ් ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුළුව දකුණු ඉන්දීය සාගර කලාපයේ ගවේශණ කටයුතු වල නිරතවීමට බලාපොරොත්තුවෙන් පසුවිය.

ඊට ශ්‍රී ලංකා හා මාලදිවයින් සාගර කලාපයද ඇතුළත්ව තිබිණි.

චීනය ශ්‍රී ලංකාව හා මාලදිවයිනෙන් තම නැවට අදාළ පර්යේෂණ කටයුතු සදහා අවසර ලබාදෙන ලෙස ඉල්ලා ඇතැයි මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබිණි.

මේ අතර, හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙරේදා වාර්තාකර තිබුණේ ඉන්දියාව මේ සම්බන්ධයෙන් විර‌ෝධය දක්වා ඇති බවයි.

චීන නෞකාවට මෙම ගවේෂණය සඳහා අවසර ලබා නොදෙන්නැයි ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් හා මාලදිවයිනෙන් ඉල්ලා තිබිණි.

‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් ත්‍රී’ (Xiang Yang Hong 03) නෞකාව මේවන විට දකුණු චීන මුහුදේ ක්මායින් වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එයට අවසර ලැබුණු පසු මලක්කාව හරහා ගමන් කිරීමට නියමිත බවද එම වාර්තා පෙන්වාදී ඇත.

ගවේෂණ කටයුතු මුවාවෙන් චීනය ඉන්දියාවේ ඔත්තු බලන බවට ද ‌ඉන්දීය මාධ්‍ය මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලකර තිබේ.

මේ උණසුම් තත්තවය මතුව ඇත්තේ මාලදිවයිනේ අලුතින් පත්වූ ජනපති මොහොමඩ් මුයිසු මහතා මාලදිවයිනේ රැදී සිටින ඉන්දීය හමුදා සාමාජිකයින්ට තම රටින් පිටවන ලෙසට දන්වා තිබියදීය.
-srilankamirror

No comments:

Powered by Blogger.