Header Ads

Breaking News
recent

රහස් පොලිසිය කෙහෙලියගෙන් ප‍්‍රශ්ණ කරයි

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසකගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කර බෙදා හරිමින් රජයට විශාල මුල්‍ය අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් පවත්වන විමර්ශන වලට අදාළවයි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද‍්‍රගුප්ත මහතා සඳහන් කර ඇත්තේ තමන් සිදු කරන ලද්දේ එවකට සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත බවයි.

මේ අතර සමන් රත්නායක මහතාගේ සෞඛ්‍ය අමාත්‍යාංශ පිහිටි නිල කාමරයද ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ ලෙස සෝදිසි කිරීමට ලක් කරන ලදී.


No comments:

Powered by Blogger.