Header Ads

Breaking News
recent

ලංකාවට IMF දෙවන වාරිකය දෙනවාද නැද්ද? තීරණාත්මක ඡන්දය හෙට! ඔක්තෝබර්වල ‘දන්නෙ නෑ’ කියපු 6කින් 5ක්ම නොවැම්බර්වල ඉටුකරලා! අලුත්ම IMF මීටරයත් නිකුත් වෙයි!

වෙරිටේ රිසර්ච් ‘IMF මීටරයේ’ නොවැම්බර් මස තොරතුරුවලට අනුව 2024 අයවැය යටතේ ආධාරක වාර්තා කිහිපයක් ප්‍රසිද්ධියට පත් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනේ විනිවිදභාවය ඉහළ ගොස් ඇත.
මෙසේ ප්‍රසිද්ධියට පත්කර ඇති ආධාරක වාර්තාවලින් මින් පෙර අවස්ථාවල ‘නොදනී’ යැයි වර්ග කර තිබූ කැපවීම් 6ක ප්‍රගතිය ගැන තොරතුරු ලැබී තිබේ. ඒවායින් 5ක් දැන් ‘ඉටුකර ඇත’ යැයි ද, එක් කැපවීමක් – එනම් බදු ආදායම් ඉලක්කය සපුරා ගැනීමේ කැපවීම – ‘ඉටුකර නැත’ යැයි ද, IMF මීටරයෙන් නැවත වර්ග කර ඇත.

IMF වැඩසටහන යටතේ නොවැම්බර් මස අවසන් කළ යුතුව තිබුණු කැපවීම් 73කින්, 12ක් ‘ඉටුකර නැත’ ලෙසත්, 15ක් ‘නොදනී’ ලෙසත්, 46ක් ‘ඉටුකර ඇත’ ලෙසත් IMF මීටරයෙන් වර්ග කර තිබේ. ඒ අනුව, නොවැම්බර් මස අවසන් කළ යුතුව තිබුණු කැපවීම්වලින් 63%ක් මේ වන විට සම්පූර්ණ කර අවසන් ය. තත්ත්වය එසේ වුවත්, ශ්‍රී ලංකාවේ සමස්ත කාර්යසාධනය ගැන සතුටුවීමට හැකියාවක් තවමත් නැත.

දෙවෙනි වාරිකය ගැන ඡන්දය හෙට

ණය මුදලෙහි දෙවනි වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය හෙට (12) සිදුකරණු ඇත. මෙම වාරිකය ලැබීමට තිබුණේ ගෙවුණු සැප්තැම්බර් මාසයේ ය. වාරිකය නිදහස් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යොමුකර ඇති ඉල්ලීම යටතේ කැපවීම් සංශෝධනය වීමට සහ කාලරාමු වෙනස් වීමට ඉඩ තිබෙන අතර, IMF මීටරයත් එම වෙනස්කම් අනුව යාවත්කාල කෙරෙණු ඇත.

IMF මීටරය යනු ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක 17වෙනි IMF වැඩසටහන ආරම්භයේදී ම එහි තිබී හඳුනාගත් කැපවීම් 100ක් නිරීක්ෂණය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වේදිකාව වේ. ප්‍රවේශය- https://manthri.lk/en/imf_tracker

No comments:

Powered by Blogger.