Header Ads

Breaking News
recent

රු.මිලියන 20ක වංචාවකට සම්බන්ධ ශ්‍රීලනිප බද්දේගම සංවිධායක මලික් ගුණවර්ධනව පොලිසියෙන් හොයයි

රුපියල් මිලියන 20ක වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බද්දේගම ආසන සංවිධායක මලික් ගුණවර්ධන පොලිසියට අවශ්‍යව ඇත.

ඔහු තරුණයන් කිහිපදෙනකුට විදේශ රටවල රැකියා ලබාදෙන බවට පොරොන්දු වී ඔවුන් රවටා මුදල් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

පොලිසිය පවසන්නේ, වංචාවට හසුව ඇත්තේ ගාල්ල, රත්ගම, බූස්ස, යක්කලමුල්ල සහ අඟුළුගහ ප්‍රදේශවල පුද්ගලයන් බවයි.

සැකකරුට එරෙහිව සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනාවට අදාළ වාර්තාවක් ගාල්ල පොලිසිය විසින් ගාල්ල මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර වෙත ඉදිරිපත් කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජින්ද්‍ර නාරංගොඩ අපේක්ෂිත ඇප ඉල්ලා සිටියේය.

ඇප ඉල්ලීමට එරෙහිව විරෝධතා ඇත්නම් පෙබරවාරි 01 වැනිදා ගොනුකරන ලෙසත්, නඩුව කල් දමන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


No comments:

Powered by Blogger.