Header Ads

Breaking News
recent

පාර්ලිමේන්තුව අද රැයින් වාර අවසන්

පාර්ලිමේන්තුවේ වත්මන් සැසිවාරය අද (ජන. 26) මධ්‍යම රාත්‍රි 12:00ට අවසන් කර පෙබරවාරි මස 7 වන දා නව සැසිවාරය ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අද නිකුත් කරනු ලැබීමට නියමිතව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මේ වන විට පාර්ලිමේන්තුවේ මීළඟ සභා රැස්වීම පෙබරවාරි 6 වන දා පෙරවරු 9:00ට පැවැත්වෙන බව ඉකුත් 24 වන දා තානායකවරයා විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත.

මෙම මස 26 වන දා මධ්‍යම රාත්‍රි 12:00 සිට පාර්ලිමේන්තුව වාර අවසාන කරන දින සිට පෙබරවාරි 7 වන දා පෙරවරු 10:00ට නව සැසිවාරය විවෘත කෙරෙන දින දක්වා දින දහයක කාලයක් වාර අවසාන කර ඇත.

පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම නිසා දැනට ක‍්‍රියාත්මක කාරක සභා 50කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වී යයි.

නව සැසිවාරය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ද දැනගන්නට ඇත..

No comments:

Powered by Blogger.