Header Ads

Breaking News
recent

ඊශ්‍රයාලයෙන් පළි ගන්නවා… ඉරාන ජනපති සපථ කරයි!

ඉරානයේ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පස් දෙනෙකු ඝාතනය කරමින් සිරියානු අගනුවරට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරට ඊශ්‍රයාලයට නිසැක නිසි පිළිතුරක් දෙන  බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහතික කර පවසයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊශ්‍රායලය ප්‍රහාරයට වගකිව යුතු බවය. මෙම ප්‍රහාරයෙන් සිරියානු හමුදා සාමාජිකයින් ගණනාවක් ද ඝාතනය කර ඇති බව ඔහු දැනුම් දුන්නේය.

මෙම ප්‍රකාශය සම්බන්ධව  ඊශ්‍රායලය අදහස් දක්වා නැත. වසර ගණනාවක් තිස්සේ  සිරියාවේ ඉරානයට සම්බන්ධ ඉලක්ක වෙත ඊශ්‍රයාල  ප්‍රහාර එල්ල කර තිබේ.   ඊශ්‍රායල-ගාසා යුද්ධය ආරම්භ වූ දා සිට එවැනි ප්‍රහාර උත්සන්න වී ඇත.

ඉරාන  ජනාධිපති සිය නිල වෙබ් අඩවියේ  ප්‍රකාශයක් කරමින් පවසන්නේ  දිවි පිදූවන්ගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කරන බවය.

මෙම ඝාතනවලට  පළිගැනීම  ජනාධිපතිවරයා විසින් සපථ කළේය. ඔහු ප්‍රකාශ කළේ  ඉරානයේ කීර්තිමත් උපදේශකයින් පස් දෙනෙක් බියගුලු ලෙස ඝාතනය කර ඇති බවය.


මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී සහ සාපරාධී ක්‍රියාවක් බව පවසන ඉරාන ජනාධිපතිවරයා  එය ඊශ්‍රයාලයේ    මංමුලා සහගතභාවයේ සහ දුර්වලකමේ උච්චතම අවස්ථාව පෙන්නුම් කරන බව වැඩිදුරටත් දන්වා ඇත.

“එයට පිළිතුරු නොදී ඉන්නේ නැත,” …ප්‍රකාශයේ සඳහන් වේ.

ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම ප්‍රහාර ඊශ්‍රායලයේ “ආක්‍රමණශීලී සහ ප්‍රකෝපකාරී” ක්‍රියාවක් වන අතර  එම තත්ත්වයන්  හෙළා දකින ලෙස ජාත්‍යන්තර ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.

ඉරානයේ ප්‍රධාන මිලිටරි, දේශපාලන සහ ආර්ථික බලවේගයක් වන ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය  වර්ෂ  2011 දී සිවිල් යුද්ධය ආරම්භ වූ දා සිට සිරියාවේ සිටියේය.  ඒ ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ පාලන තන්ත්‍රයට එරෙහිව පැතිර ගිය කැරැල්ලට එරෙහිව බෂාර් අල් – අසාද් ට  සහාය වීම සඳහාය. .

සෙනසුරාදා ප්‍රහාරය එල්ල වූයේ Mazzeh අසල්වැසි ප්‍රදේශයක්වන  නිරිතදිග ඩැමස්කස්හි, හමුදා ගුවන් තොටුපළක් පිහිටි ප්‍රදේශයක් වෙතය.  දමස්කස් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය, තානාපති කාර්යාල සහ ආපනශාලා පිහිටා තිබී ඇත්තේ එම ප්‍රදේශයේ ය.


ඉරානයේ අර්ධ නිල Mehr ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ ප්‍රහාරවලින් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ රාජකාරි කරන  සිරියාවේ බුද්ධි අංශ ප්‍රධානියා සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරියා මෙන්ම අනෙකුත් ආරක්ෂක සාමාජිකයින් ද මෙම ප්‍රහාරයෙන්  මිය ගිය බවය.

එක්සත් රාජධානිය පදනම් කරගත්   මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂණ ආයතනය පැවසුවේ ප්‍රහාරවලින් විප්ලවවාදී ආරක්ෂක බලකායේ නායකයින් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු මිය ගිය ආකාරය ය.

රාජ්‍ය පාලනය යටතේ පවතින සිරියානු අරාබි පුවත් ඒජන්සිය හමුදා මූලාශ්‍රයක් උපුටා දක්වමින් කියා සිටියේ සමහර මිසයිල නැවැත්වීමට තමන් සමත් වූ නමුත්  ප්‍රහාරය එල්ල වූයේ  නේවාසික ගොඩනැගිල්ලකට  බවය.
ඉන් ගොඩනැගිලි විනාශ වී සමහර සිවිල් වැසියන් ද මරණයට පත් වූ බවත් තුවාල වූ බවත් ඔහු සඳහන් කර ඇත. 
(බීබීසී)

No comments:

Powered by Blogger.