Header Ads

Breaking News
recent

‘විශ්වබුද්ධි මුනිගෙයි’ ‘අවලෝකිතේශ්වර බෝධිසත්වගෙයි’ ඔළුව චෙක් කරන්න අංගොඩ මානසික රෝහලේ දොස්තරවරු ටීම් එකක්ම වැලිකඩට!

බුදු දහමට නිගා වන ‘ටික්ටොක්’ වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන ඇප නියම වී යළි රක්ෂිත බන්ධනාගාරගත වූ රත්නපුරේ විමලබුද්ධි නොහොත් ‘විශ්ව බුද්ධි මුනි’ නමැත්තාගේ සහ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘අවලෝකිතේශ්වර’ නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැති සැකකරුවන්ගේ මානසික වෛද්‍ය වාර්තා ගැනීම සඳහා අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ වෛද්‍ය කණ්ඩායමක් 31 දා වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණීමට නියමිතය.

මේ සැකකරුවන්ගේ මානසික වෛද්‍ය වාර්තා ගැනීමට පෙරේදා (25) අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ විහේෂඥ වෛද්‍යවරුන් වෙත රැගෙන ගියද අදාළ වාර්තාවන් නිකුත් කර නොතිබිණි.

‘අවලෝකිතේශ්වර’ නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා පසුගිය 18 දාත්, රත්නපුරේ විමල බුද්ධි නොහොත් විශ්ව බුද්ධි මුනි නමැත්තා පසුගිය 24 දාත් වැලිකඩ බන්ධනාගාර රෝහලට ‍යොමු කර තිබිණි. අධිකරණය දුන් නියෝගයක් මත ඔවුන් අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ මානසික විශේෂඥ වෛද්‍යවරුන් වෙත මෙසේ යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.


No comments:

Powered by Blogger.