Header Ads

Breaking News
recent

සනත් නිශාන්තගේ රියදුරුගේ දුරකතනය රහස් පොලිසියට! මරණයට පෙර සැක සහිත සටහනක්!

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හා ඔහුගේ ආරක්ෂකයා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුර හේතුවෙන් එම රථය පැදවූ රියදුරාගේ ජංගම දුරකථනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

අදාළ අනතුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුත්තක් සඳහා විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් මෙසේ එම දුරකථනය සිය භාරයට ගෙන ඇත.

රියදුරා මේ වන විට එළැඹෙන පස් වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරය ගතකර තිබේ.

රියදුරා අනතුර සිදුවීමට පෙර දින ‘තම මරණය’ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබූ සටහනක් හේතුවෙන් මෙම දුරකථනය පොලිස් භාරයට ගෙන තිබේ.

මේ වන විටත් රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන එම රියදුරාගෙන් රහස් පොලීසිය විසින් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද සඳහන් කරන්නේ අදාල රියදුරා සමාජ මාධ්‍යවල පල කර තිබූ සටහනක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.


No comments:

Powered by Blogger.