චන්ද්‍රිකා සජිත් එක්ක එක්වීමට සැරසෙයි!
චන්ද්‍රිකා බණ්ඩාරනායක පාර්ශවය සමගි ජන බලවේගය හා එක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ ( 11) අම්පාරේ දී පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ ගොවි ජන ප්‍රකාශය ඉදිරිපත් කිරීමට එක්වෙමිනි.
මහාමාන්‍ය ඩි.එස් සේනානායක සේනානයක සමුද්‍රය බිහි කර මහා වාරි ශිෂ්ඨාචාරයක් ගොඩනැගූ බවත්, බත් දුන් පියා ඩඩ්ලි සේනානායක බඩල්ගම ජලාශය, අම්බලන් ඔය, ලොක්ගල් ඔය , පල්ලම් ඔය මහා දැවැන්ත වාරි ශිෂ්ඨාචාරය නිර්මාණය කළ බවත්, සිරිමාවෝ බණ්ඩාරනායක නාමල් ඔය ව්‍යාපාරය ක්‍රියාත්මක කළ බවත් කී සජිත් ප්‍රේමදාස බණ්ඩාරනායක මැතිණියගේ පාර්ශවය තමන් සමග එක්වන ආකාරය බලාගෙන සිටින ලෙස අම්පාර ජනතාවට පැවසුවේය.
-lankasara
No comments: