Header Ads

Breaking News
recent

SJB වනසන කුමන්ත‍්‍රණයක් ගම්පහින්.. ආසන 10ක සංවිධායකයන්ගෙන් සජිත්ට පෙත්සමක්…

සමගි ජන බලවේගය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක වන වන්නේ යයි පක්ෂ නායකත්වයට පැමිණිලි කිරීමට එම දිස්ත්‍රික්කයේ ආසන දහයක සංවිධායකවරු තීරණයක් ගෙන තිබේ. මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙ පැරදීමට වහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔවුන් ඉල්ලා සිටී.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතාගේ නිවසට රැස්වුණු ආසන දහයක සංවිධායකවරු මෙම තීරණය ගෙන ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ එක්තරා පුද්ගලයෙකු දිස්ත්‍රික් සංවිධායක ලෙස පවසමින් දිස්ත්‍රික්කය පුරා ඇවිදිමින් සෙසු සියලු සංවිධායකයන්ගේ කටයුතුවලට දැඩි බලපෑම් කරන බවද ඔවුන් පෙන්වා දී තිබේ.

මෙම සියලු චෝදනා සහිත සංදේශයක් එහිදී අත්සන් කර ඇති අතර එම සංදේශය විපක්ෂ නායකයා වෙත අද හෙටම බාර දීමට නියමිතව තිබේ.

ම්පහ දිස්ත්‍රික් නායකත්වය සඳහා සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ දේශපාලඥයෙකු පත්කළ යුතු බවට ද එහිදී එම සංවිධායකයන් තීරණය කර ඇත.

No comments:

Powered by Blogger.