Header Ads

Breaking News
recent

ලෝක කුසලානය ගේන්න සැලසුම් කලේ 2027දී.. 2024 නොවේ... ඒකට සිංදුවකුත් හදලා තියෙන්නෙ - හරින් ප්‍රනාන්දු

 ශ්‍රී ලංකා කණ්ඩායම අද මේ තත්ත්වයට පත්ව ඇත්තේ වසර ගණනාවක් සිට ඇදී ආ ප්‍රශ්නයක් නිසා බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එම ගැටළු විසඳීමට නම් දීර්ඝ කාලීන සැලසුමක් අවශ්‍ය බවද ඔහු කියා සිටියි.

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරය බාරගනිද්දී ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම් වී අවුල් ජාලයක් වී ගැටලු රැසක් ඇතිව තිබුණු බවද හෙතෙම සිහිපත් කරයි.

‘දැන් සැරසෙමු’ තේමාවෙන්  ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළේ 2027 දී ලෝක ශූරතාවය දිනා ගැනීමට මිස 2024 ලෝක ශූරයන් වීමට නොවන බවද ඔහු අවධාරණය කලේය.

ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.


No comments:

Powered by Blogger.