Header Ads

Breaking News
recent

නාමල්ගෙන් දෙමළ ජනතාවට අනතුරු ඇඟවීමක්!

ඡන්දය ලබා ගැනීම සඳහා හදිසියේ ප්‍රතිපත්ති වෙනස් කරන දේශපාලනඥයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ දෙමළ ජාතික සන්ධානයට (ටීඑන්ඒ) සහ දෙමළ ජනතාවට අවවාද කළේය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට මුල සිටම සහය දක්වන පක්ෂ සහ ඊට එරෙහි වූ පක්ෂ දෙමළ ජනතාවට විශ්වාස කළ හැකි නමුත් මැතිවරණයකට මොහොතකට පෙර ප්‍රතිපත්ති වෙනස් කරන පිරිසෙන් ප්‍රවේශම් වන ලෙසත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දුන් දේශපාලන පක්‍ෂම දැන් වෙනස් වී ඇති බවත් මෙය එම පක්ෂවල දෙබිඩි පිළිවෙතට හොඳ සාක්ෂියක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.


No comments:

Powered by Blogger.