Header Ads

Breaking News
recent

පොහොට්ටුවේ 21කට ලොකු අතකින් තෑග්ගක්!

 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත්වීමෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ගෙවන බව එම පක්ෂ ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.

වෙනත් පක්ෂයක ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීමෙන් මෙම දීමනා ගෙවීම සිදුවන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙලෙස දීමනා ලබන පිරිසේ මන්ත්‍රීවරියන්ද දෙදෙනකු සිටින බව දැනගන්නට ඇත.

ආණ්ඩුවේ කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා මෙම දීමනාව සිදු කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් අප  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි තොරතුරක් තමාටද ලැබී ඇති හෙයින් ඒ ගැන කරුණු සොයා බලාගෙන යන බවයි.

– Repoter


No comments:

Powered by Blogger.