Header Ads

Breaking News
recent

සංගීත ප්‍රසංගයේ දී බිරිඳ සමග නර්ථනයේ යෙදුනැයි තරුණයෙකුගේ ගෙලකපා ඝාතනය කරලා!

සංගීත ප්‍රසංගයකදී ද ගෙලකපා තරුණයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ , ජන උදාන ගම්මානයේ පදිංචිව සිටී මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.
තරුණයා ඝාතනය කළ  සැකකරු ප්‍රදේශයේ තරුණියක සමග විවාහ වී සිට ඇති අතර, ඇය දින කිහිපයකට පෙර ඔහු අතහැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බවද සදහන් වේ. එම තරුණිය කළුතර ගමගොඩ ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණ, ඇය සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේ තරුණයෙකු සමග නර්තනයේදී සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.

එහිදී උරන වූ සැකකරු නර්තනයේදී යෙදී සිට ඇති තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති බවද සදහන් වේ.

කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ   ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිෂාන්ත මහතා ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති

-සුමිත් පොතුපිටිය

No comments:

Powered by Blogger.