Header Ads

Breaking News
recent

ජනපති අධිකරණ ඇමති විජේදාසට තනතුරෙන් ඉවත් වෙන්න කියලා… මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් නුවරදී හෙළි කරයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට හේත්තු කරන්නට උත්සාහ කරන පිරිස ගේ බලපෑම මත විජයදාස රාජපක්ෂට ඇමැති ධූරයෙන් ඉවත්වන ලෙස රාජ්‍ය නායකයා දැනුම් දී ඇතැයි ශ්‍රී ලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේය.
මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී විජයදාස රාජපක්ෂ මේ බව තමන්ට දැනුම් දුන් බවය.

මාධ්‍ය හමුවේ මහාචාර්ය පියදාස කීවේ මෙවැන්නකි.

” ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට විජයදාස රාජපක්ෂ පත්කර ගැනීමත් සමඟ ආණ්ඩුවට මුක්කු ගසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යැයි කියන ඇමැති වරප්‍රසාද බුක්ති විඳින පිරිස ඒ මහතාව ඇමැති ධූරයෙන් ඉවත් කරන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලන්න ඇති කියලා අප විශ්වාස කරනවා. තමන්ට ඉදිරි ජනපතිවරණයේ දී උදව් කිරීමට සැදී පැහැදී සිටින කණ්ඩායමේ අදහසට පිටුපාන්න ජනපතිවරයාට බැහැ. ඒ නිසා තමයි විජයදාස රාජපක්ෂ මහතා ට ඇමැති ධූරයෙන් ඉවත්වන ලෙස දැනුම්දීම කරන්න ඇත්තේ.”

No comments:

Powered by Blogger.