Header Ads

Breaking News
recent

රට බේරාගත් රනිල්ට මැතිවරණ නැතිව රට දිගටම බාර දෙන්නැයි ජනතා මතයක් තිබෙනවා - සමන් රත්නප්‍රිය

රට බේරාගත්ත රනිල් වික්‍රමසිංහ මහතාට මැතිවරණයකින් තොරව තවදුරටත් ඉදිරියට රට පාලනය කිරීමේ අවස්ථාව දිය යුතු බවට මහජනතාව අතර මතයක් ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති ‍අධ්‍යයක්ෂ ජනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද්දේ ද එම යෝජනාව බවද ඔහු පැවසීය.

මහලේකම්වරයාගේ අදහස නිවැරදි අදහසක් බවත් මේ මොහොත මැතිවරණ වලට කුලල් කා ගත යුතු අවස්ථාවක් නොවන බවත් ඔහු සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Powered by Blogger.