Header Ads

Breaking News
recent

මොණරාගල ගංජා SSP යළි සේවයේ පිහිටුවලා!

මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කරමින් සිටිය දී  ජාවාරම සඳහා සූදානම්කර  නිල නිවසේ සඟවා තිබූ ගංජා තොගයක් සමග අත් අඩංගුවට ගත් කුප්‍රකට SSP සිසිල කුමාර හේරත් යළි සේවයේ පිහිටුවා ඇතැයි වාර්තා වේ. මේ වනවිට ඔහු පොලිස් මූලස්ථානයේ රාජකාරි භාරගෙන ඇත.

පසුගිය වසරේ ජනවාරි මස 08 වැනිදා  විශේෂ කාර්ය බළකා කණඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මොණරාගල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබිණි.

විශේෂ කාර්ය බලකාය කළ මෙම මෙහෙයුමේ දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේ තබී පුරාවස්තු කැණීම සහඳහා භාවිතාවන උපකරණ ප්‍රමාණයක් ද අත් අඩංගුවට ගෙන තිබුණු බව වාර්තා විය.

මෙම නිලධාරියා සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකළ ඇාකාරය සම්බන්ධව බොහෝ ඇපහැදිලි තැන් ඇති බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

සහාරන්ගේ කණ්ඩායමේ සාමාජිකයකු මීගමුවේ කටුවාපිටිය පල්ලියට බෝම්ම ප්‍රහාාරය එල්ල කරන 2019 අප්‍රේල් 21 වැනිදා වනවිට ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළේ මේ සිසිල කුමාර හේරත්ය. පාස්කු ප්‍රහාරය ගැන රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරීන්ගේ නම් ලැයිස්තුවේ ඔහුගේ නමද තිබේ. ඔහුට එරෙහිව   චෝදනා පත්‍රයක් ලබාදෙන ලෙස  පොලිස් විශේෂ විමර්ශන ඒකකය ද නිර්දේශ කර තිබිණි.

පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සහකාර පොලිස් අධිකාරී සිසිල කුමාර ගැන මෙසේ සඳහන්වේ.

‘ඔහු ආගමික අන්තවාදය හා අල්කයිඩා සම්බන්ධයෙන් තුර්කියේ පාඨමාලවක් සඳහා සහභාගී වූ පලපුරුදු නිලධාරියෙකි. සී 365 සහ 375 සමඟ සී4 අ, ආ, ඇ, තොරතුරු ඔහුට ලැබිණි. කෙසේ වෙතත් ඔහු තොරතුරු ස්ථානාධිපතිවරුන්ට යවා නැත. ආරක්ෂාව ශක්තිමත් කිරීමට ඔහුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරලගෙන් ඇමතුමක් ලැබිණි. ඔහුට ලැබුණු තොරතුරුවලට අනුව ඔහු යටතේ ඇති පොලිස් ස්ථාන නිසි ලෙස පාලනය කර නොතිබිණි. එබැවින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි.’
( පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ සිංහල පිටපතෙහි 355 පිටුව)

එසේ තිබිය දී පොලිස් ප්‍රධානීන් පිරිසක් සමග මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දකින්නට ගොස් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ ද මේ නිලධාරියාය.
-lankasara

No comments:

Powered by Blogger.