Header Ads

Breaking News
recent

2025 දෙසැම්බර් වනවිට මේ ජනාධිපතිගේ නායකත්වයෙන් මත්ද්‍රව්‍ය සහ පාතාලය රටින්ම තුරන් කරනවා… මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිගේ අලුත්වුන පොරොන්දුව!

මේ  ජනාධිපතිවරයාගේ මගපෙන්වීම සහ නායකත්වය යටතේ 2025 දෙසැම්බර් වනවිට මුලු රටින්ම පාතාලය තුරන් කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් ඊයේ (06) ජාතියට පොරොන්දු වූයේය.
ඔහු මේ ජාතික පොරොන්දුව ලබා දෙන්නේ ඌව පලාත් ප්‍රජා පොලිස් කමිටු රැස්වීමට එක් වෙමිනි.


ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කමිටු රැස්වීම අමතමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වසරේ දෙසැම්බර් වනවිට පාතාලය සහ මත්ද්‍රව්‍ය ස්ථිර වශයෙන්ම තුරන් කරනබවට ජාතියට පොරොන්දුවනවිට මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් මේ ජනාධිපතිවරයාගේ නායකත්වය සහ උපදේශය යටතේ ලබන අවුරුද්දේ දෙසැම්බර් මාසය වනවිට මත්ද්‍රව්‍ය සහ පාතාලය රටින් තුරන් කරන බවට ජාතියට පොරොන්දු වුනේය.


නීතිගරුක රටක් යන තේමාව යටතේ පැවති මෙම රැස්වීමේ දී ටිරාන් අලස් ඇමතිවරයා කළ කතාව මෙසේය.


“මම යුක්තිය පටන් ගන්න තීරණය කළේ ඔබ සියලු දෙනා වෙනුවෙන්. ඔම සියලු දෙනාගේම දූ දරුවන් වෙනුවෙන් . ඔබ සියලු දෙනාගේම පවුල් වෙනුවෙන්. ඔබලා දන්නවා ගිය දෙසැම්බර් ඉඳන් දැන් වෙනකොට ගිය දෙසැම්බර්වල ඉඳන් දැන් වනකොට තම තමන්ගේ පළාත්වල තිබ්බ තත්ත්වය කොහොම ද,  දැන් තියන තත්ත්වය කොහොම ද කියලා.
මම අදත් පොරොන්දු වෙනවා අපි මේ කරගෙන යන මෙහෙයුම දිගින් දිගටම කරනවා. අපි අඩියක් පස්සට තියන්නේ නෑ මොන බලපෑම් ආවත්.

ජනාධිපති තුමා මට කියලා තියෙන්නෙත් කාටවත් ඇඟිලි ගහන්න දෙන්න එපා. හරි දේ කරන්න කියලා. මම පොරොන්දු වෙනවා එකක් ඔබ සියලු දෙනාටම. අපි කාගෙවත් බලපෑම්වලට යටත් නොවී මේ රට මත්ද්‍රව්‍යයෙන් සහ පාතාලයෙන් බේරගන්න වැඩපිළිවෙළ දිගින් දිගටම ගෙනියනවා. අපේ ගරු ජනාධිපතිතුමාගෙ නායකත්වය යටතේ මත්ද්‍රව්‍ය සහ පතාලය මුළු රටින්ම 2025 දෙසැම්බර් වනකොට මුලු රටින්ම මේක තුරන් කරන්න පොරොන්දු වෙනවා.

No comments:

Powered by Blogger.