Header Ads

Breaking News
recent

පොහොට්ටුව මැයි 9 සෙනඟ ගෙන්වා අරගලයට ගැස්සූ හැටි ප්‍රමිත බණ්ඩාරගේ කටින් පනී!

ඊයේ (30) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා සිටියේ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ගත් තීරණය නාට්‍යයක් බවයි.

සාමූහික තීරණයක් ලෙස එය ප්‍රකාශ කළද එය කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය මත ගත් තීරණයක් බව හෙතෙම අවධානය කළේය.

“ඊයේ දිනයේ ගත් දේශපාලන මණ්ඩලයේ තීන්දුව අපට සමාන කරන්න පුළුවන් වෙන්නේ 2022 මැයි 9 වනදා සෙනඟ කොළඹට ගෙනල්ලා අරගලයට ගැහන්න ගත්ත තීන්දුව හා සමානයි ඊයේ ගත්ත තීන්දුව.

ඒ තීන්දුව ගත්තේ මහපොළව ගැන අවබෝධයක්, දැනුමක්, සංවේදීත්වයක් නැතිවයි. එම තීන්දුව පුද්ගලික, ආත්මාර්ථකාමී, ව්‍යසනකාරී තීන්දුවක් ලෙස අපි සලකනවා.

පොදුජන පෙරමුණ රටට පෙර, පාක්ෂිකයාට පෙර පුද්ගලික න්‍යාය පත්‍රයකට අනුව තීන්දු ගැනීම ගැන අපේ කනගාටුව ප්‍රකාශ කරනවා.” 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ රැස් වූ අතර, ඒ සඳහා සාමාජිකයින් 72ක් සහභාගී වී සිටි අතර එහිදී ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් යෝජනා කර තිබුණි.

සාමාජිකයින් 11ක් දෙනෙකු එම යෝජනාවට විරුද්ධ වී ඇති අතර 61 දෙනෙකු පක්ෂව ඡන්දය භාවිත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනපතිට සහාය පළ කිරීමට පක්ෂ වූ අමාත්‍යවරුන් 04 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකු ඇතුළත් වූ බව පැවසේ.


No comments:

Powered by Blogger.