Header Ads

Breaking News
recent

මුජිබර්ගේ ගෙදර කංජිපානිට පටියක් දීලා!

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කංජිපානි ඉම්රාන් සමග නිවසේ සාදයක් පැවැත් වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රයේ මුජිබර් රහුමාන් මහතාට චෝදනා එල්ල වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම චෝදනාව එල්ල කලේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අතරතුරදීය.

කෙසේ වෙතත් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් මුජිබර් රහුමන් මහතා කියා සිටියේ එවන් සබඳතාවයක් තිබුණේ නම් ගෝඨාභය රාජපක්ෂ රජය විසින් තමනට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇති බවයි.

තමන් සම්බන්ධයෙන් එවක ආණ්ඩුව දැඩි විමසිල්ලෙන් සිටි බවත් දුරකථන ඇමතුම් පවා නිරීක්ෂණයකින් කටයුතු කළ බවත් හෙතෙම කියා සිටියේය.


No comments:

Powered by Blogger.