Header Ads

Breaking News
recent

රනිල් ගේම් කාරයා ඉල්ලනකම් ෂුවර් නෑ.. මරාගෙන මැරෙන සටනකට යයිද දන්නනේ නෑ - තිස්ස අත්තනායක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වන බව දැන දැන තරඟයට ඉදිරිපත් නොවන පුද්ගලයෙකු බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම්ල වත්මනෙහි සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ මේ මොහොතේ නියත පරාජය දැක දැකත් රනිල් වික්‍රමසිංහ මහතා සියල්ලන්ටම කළින් ඇප මුදල් තැම්පත් කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සැක සහිත බවයි.

නාම යෝජනා භාරගන්නා අවසන් දිනය වන තුරු තමන්ට ඒ පිළිබඳ විශාල අවිනිශ්චිත භාවයක් පවතින බවද අත්තනායක මහතා සඳහන් කර ඇත්තේ මීට පෙර අවස්ථා කිහිපයකදීම රනිල් වික්‍රමසිංහ මහතා තමන් පරාජය වෙතැයි සිතමින් වෙනත් පුද්ගලයින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ බවද සඳහන් කරමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ ඇප තැම්පත් කර තිබුණද අවසන් මොහොතේ හෝ ඔහු තරඟ නොකරනු ඇති බවට අදහසක් පුද්ගලිකව තමන්ට ඇති බවද පවසා ඇති තිස්ස අත්තනායක මහතා අවසානයේ මරාගෙන මැරෙන සටනකට ඔහු අවතීරණ වෙතැයි සැකයක්ද තමන්ට පවතින බවද සඳහන් කරයි.

No comments:

Powered by Blogger.