Header Ads

Breaking News
recent

රනිල්ට සහාය දෙන්න බාර් ලයිසන් ගත්ත මන්ත්‍රීවරුන්ගේ නම් දයාසිරි හෙළිකරයි

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීම සදහා එක් වු වේලුකුමාර් මන්ත්‍රීවරයාට මත්පැන් බලපත්‍රයක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සදහන් කරයි.

එම මන්ත්‍රීවරයාට දිගන, යාපනය, අනුරාධපුර මත්පැන් බලපත්‍ර 3ක් ලබාදුන් බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංගට මත්පැන් බලපත්‍රයක් ලබාදී ඇති බවද මන්ත්‍රී දයාසිරි ජයසේකර සදහන් කරයි.

දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාට මත්පැන් බලපත්‍ර දෙකක් ලබාදී ඇති බවත් ඒ හතරලියද්ද සහ ගලගෙදර බවත් ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයාට ලබාදුන් මත්පැන් බලපත්‍රය ඔහුගේ ලේකම්වරයාට විකුණා දැමු බවද සදහන් කරයි.

ඉතිරි මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුව තමන් ඉදිරියේදී හෙළිදරව් කරන බවද සමගි ජන සන්ධානයේ රැළියක් අමතමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

No comments:

Powered by Blogger.