Header Ads

Breaking News
recent

යාපනය පුස්තකාලය ගිනි තියන්න දකුණෙන් ආව දේශපාලකයින් රෑ කෑම කෑවේ උතුරේ දේශපාලකයින්ගේ ගෙවල් වලින් – දිලිත් ජයවීර

යාපනය පුස්තකාලයට ගිනි තැබීම සඳහා දකුණෙන් පැමිණි දේශපාලකයින් ඒ රාත්‍රී කෑම කෑවේ මේ උතුරේ දේශපාලකයින්ගේ නිවෙස්වලින් බව උතුරේ ජනාතාව දන්නවා දැයි තමන් නොදන්නා බව මව්බිම ජනතා පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පැවසීය.
මේ රටේ ජාතිවාදය වපුරමින් උතුර ගිනි තියන අතර කොළඹ සුඛෝපභෝගී ජීවිත ගතකරන මෙම දමිළ දේශපාලකයින් වපුරන වාර්ගික ගින්නට හසු නොවන ලෙසත්, සිංහල මහ ජාතියක් හෝ දෙමළ සුළු ජාතියක් නොව ඉන්නේ සියලුම වාර්ගික කොටස් එක් වූ මහා ජාතියක් බවත් දිළිත් ජයවීර පැවසුවේය.

දිලිත් ජයවීර මේ බව පවැසුවේ සර්ව ජන බලය සන්ධානය සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් ඊයේ යාපනයේ පැවති මංගල රැළිය අමතමිනි. මෙම රැලියට සහභාගී වීමට ප්‍රථම ව්‍යවසායක දිලිත් ජයවීර ඇතුළු සර්වජන බලයේ නියෝජිතයින් ඊයේ  උදෑසනම යාපනය නාග විහාරය වැඳපුදා ගනිමින් සහ මීගහජඳුරේ සිරිවිමල ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය. පසුව  යාපනයේ විකා ජෙනරාල් රදගුරු පදවිය අති උතුම් ජෙබරත්නම් රදගුරුතුමා යාපනය බිෂොප් නිවසේදී හමු වී ආශිර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව යාපනයේ ජුම්මා මස්ජිත් මුස්ලිම් දේවස්තානයෙන් ආශිර්වාද ලබා ගත් අතර යාපනයේ නල්ලූර් කන්දස්වාමි කෝවිලෙන් ආශිර්වාද ලබා ගෙන ජනාධිපතිවරණ රැලි මාලාවේ මංගල රැලියට  මේ පිරිස එක් විය.

ඊයේ (18) යාපනය රක්ක පාර ක්‍රීඩාංගනයේ මහජන රැලිය අමතමින් ඔහු මෙසේ ද පැවසුවේය.

“අද අපිට සුවිශේෂී දිනයක්. මම ගාල්ල දිස්ත්‍රික්කයේ ඉපදිලා අද මම මේ යාපනය ප්‍රදේශයට එන්නේ ඔබව ආමන්ත්‍රණය කරන්න. අපි පාසල් යන කාලයේ අපේ පාසැල ඉස්සරහ තිබුනා කිත්තන්ගේ කියලා එකක්. අපේ පංතිවල ගොඩක් දමිල මිත්‍රයන් හිටියා. 83 අර්තමර්තකාමි දේශපාලකයින් උතුරේ සහ දකුණේ එකතු වෙලා ගිනිතියනකම් මේ රටේ අපි දැනගෙන හිටියෙත් නැහැ අපි අතරේ යම්කිසි භේදයක් ඇති කරන්න හදනවා කියලා.

යාපනය පුස්තකාලයට ගිනි තියන්න දකුණෙන් ආපු ඒ දේශපාලකයින් රාත්‍රී කෑම කෑවේ මේ උතුරේ දේශපාලකයින්ගේ ගෙවල්වල කියලා ඔබ දන්නවාද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම ඔබට ආයාචනා කරන්නේ සිංහල කියලා මහ ජාතියක්වත්, දෙමල කියලා සුළු ජාතියක්වත් නැහැ. ශ්‍රී ලාංකිකයින් හැටියට සභ්‍යත්වය විශ්වාස කරමින් අපි සියලු දෙනාම එකමුතු මහා ජාතියක් බව අපි එකග වෙන්න ඕන කාරණයක්.

මට වගකීමෙන් කියන්න පුළුවන් කොළඹ සුඛෝපභෝගී ජිවිත ගත කරන මේ සියලු දේශපාලකයින් ඔබ රැවටීම පමණයි කරන්නේ. ඒකේ ප්‍රතිපලයක් හැටියට උතුරේ තරුණයින් කීදෙනෙක් මැරිලා තියෙනවද. දකුණේ තරුණයින් කීදෙනෙක් මැරුණද මේ පටු ආත්මාර්ථකාමී දේශපලනය නිසා. මේ ජාතිවාදය ඇතුළු බෙදීම් ඇති කරන්නේ මේ ආත්මාර්ථකාමී දේශපාලකයින් තමන්ගේ සුඛ විහරණය සදහා පමණක්ම බව මම කියන්න ඕන. මෙන්න මේ බොරුව නවත්වන්න අපි සංකේතාත්මකව ආදර්ශයක් දෙන්න තමයි අපි මේ යාපනයට ආවේ.

අපි හිතනවා උතුරේ ජනතාවත් නැගෙනහිර ජනතාවත් මේ රටේ ඉන්න සියලුම දෙමල කතෝලික හින්දු බර්ග ඒ සියලුම ජනතාවත් ඒ වගේම දකුණේ ඉන්න සිංහල බෞද්ධ ජනතාවත් සිංහල කතෝලික ජනතාවත් සිංහල ක්‍රිස්තියානි ජනතාවත් මේ හඬ ඔවුන් තේරුම් ගනීවි කියලා. අපිට අවශ්‍ය නැහැ බෙදුණු ජාතිකත්වයක්. අපිට ඕන එකමුතු ජාතිකත්වයක්. ඒකයි තරුවේ වෙනස.

මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කාන්තාවන්ට. කොච්චර අමාරුකම් තිබුණත් ගෙදර සතුට ආරක්ෂා කර ගනිමින් දරුවන්ට, ස්වාමි පුරුෂයා රැක ගන්නේ කාන්තාව. අද අපි ආවේ මේ දකුණේ ආදරය අරගෙන අපිට ඕන රට ගැන ඇති කරපු වැරදි අවබෝධය දකුණ ගැන කියන වැරදි අවබෝධය වෙනස් කරලා අපගේ ආදරය ඔබට දීලා යන්නයි ආවේ.

උතුරේ ජනතාව අපිත් එක්ක ඉන්න. ඔබගේ සතුට ගැන සිතා අපි වැඩ කරනවා. අපි වෙනස්ම දේශපාලන ගමනක යන්නේ. අපි කවදාවත් කනගාටු හිතෙන දේශපාලනයක් කරන්නේ නැහැ. ඡන්දය දෙන්න පෙට්ටිය අස්සට ඔබ ගියාම දරුවන් ගැන හිතලා කතිරය ගහන්න. අපේ ආදරය කවදාවත් නැති වෙන්නේ නැහැ. අපි කරන්නේ බොරු දේශපාලනයක් නෙවේ.”


විමල්, ගම්මංපිල, වලේබොඩ, ගෙවිඳු , අරුන් සිද්ධාර්ථන් සමග දිළිත්…

No comments:

Powered by Blogger.