Header Ads

Breaking News
recent

‘රනිල්ගේ ඉංග‍්‍රිසි වැරදියි..’ අනුර රනිල්ට ඉංග‍්‍රිසි කියා දේ…

මහ බැංකු බැඳුම්කර සිදුවීමේ ප්‍රධාන චූදිතයෙක් වන අර්ජුන මහේන්ද්‍රන් තම පාලනයක් යටතේ  ශ්‍රී ලංකාවට ගෙන එන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

අර්ජුන් මහේන්ද‍්‍රන් මෙවන විට අදාළ චෝදනාවෙන් වරදකරුවීමෙන් පසු රතු වරෙන්තු නිකුත් කර තිබියදී සිංගප්පූරුවට පලා ගොස් එහි සැඟවී සිටින බවද ඔහු කියා සිටියේය.

අදාළ ගනුදෙනුව සිදුකිරීමට තමන්ට උපදෙස් දුන්නේ එවකට මහ බැංකුව බාර අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවට කට උත්තරයක් ඔහු විසින් ලබා දී ඇති බවද දිසානායක මහතා පැවසීය.

කිරිබත්ගොඩදී පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර සිය ප්‍රචාරක රැළියේදී ‘laugfs’ වචනය උච්චාරණය කළ ආකාරය වැරදි බවටද අනුර දිසානායක මහතා එහිදී උපහාසාත්මකව පැවසුවේය.

No comments:

Powered by Blogger.