NGO ක්ෂේත්රයේ කළු පැල්ලම මැකිලා - CAPS සංවිධානය
පසුගිය වසර දෙකක කාලය තුළ සිදු කෙරුණු බොහෝ ප්‍රතිසංස්කරණ නිසා රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍ර දර්ශකවල ශ්‍රී ලංකාවට ඉදිරියට ඒමට හැකිවූ බව
හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (14) ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ පැවති DGI (Doing Good Index) 2024 වාර්තාව එළිදැක්වූ අවස්ථාවේ දී ය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ කිත්මිණ විතානගේ...
රජයේ සුබවාදී ආකල්පය
‘‘ආසියානු සමාජ සේවා ක්ෂේත්රයේ ක්රියාකාරීත්වයේ ප්රශස්ත බව මැන බැලෙන Doing Good Index දෙදහස් විසි හතර වර්ෂයට අදාළ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට ඒමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය නොවන සංවිධාන, එසේත් නොමැති නම් NGO ක්ෂේත්රයේ දෙදහස් විසි දෙක වසර වන විට අත් කරගෙන තිබුණු කළු පැල්ලමෙන් මිදිලා ඉදිරියට ඒමට දෙදහස් විසි හතර වසර වන විට සමත් වෙලා තියෙනවා.
තව ද Doing Good Index - 2024 ශ්‍රේණිගත කිරීම් අනුව Doing Okay කාණ්ඩයට ඇතුළත් වීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා. මේ සදහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතිව ලේකම් කාර්යාලයේ වර්තමාන කළමනාකාරීත්වය විසින් හඳුන්වා දෙන ලද නව චක්‍රලේඛ මගින් නියාමන කොන්දේසි වඩා අර්ථාන්විතව විග්රහ කර තිබීමත්, රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලය ඩිජිටල්කරණයට අවශ්‍ය මූලික වැඩකටයුතු සිදුකර තිබීමත්, රාජ්‍ය නොවන සංවිධානවල වගවීම හා අධීක්ෂණ ක්‍රියාවලිය වැඩිදියුණු කර තිබීම මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන දෙස රජයේ සුබවාදී ආකල්පය ද හේතුවුණා.’’
Doing well කාණ්ඩයට 2026 වසර වන විට ඇතුලත් වීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදුකර අවසන්
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න පවසා සිටියේ: වසර දෙකෙන් දෙකට මැන බලන මෙම දර්ශකයේ සිංගප්පූරුව හා චීන, තායිපේ රටවල් අයත් වන Doing well කාණ්ඩයට 2026 වසර වන විට ඇතුලත් වීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදුකර ඇති බවයි.
එමෙන් ම කාම්බෝජය, ඉන්දියාව, ඉන්දුනීසියාව, නේපාලය පකිස්ථානය තායිලන්තය හා වියට්නාමය යන රටවල් ද මෙම කාණ්ඩයට ඇතුළත් වී ඇති අතර, 2022 වර්ෂයේ මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ඇතුළත් වූයේ Not Doing Enough කාණ්ඩයට බවත්, බංග්ලාදේශය තවදුරටත් එම කාණ්ඩයට ඇතුළත්ව ඇති බවයි.
එම විද්වත් මංඩල සාකච්ඡාව සඳහා ආචාර්ය නදී දිසානායක (Founder of CUPSL), dialog ආසියාටා සමාගමේ ජේෂ්ඨ කළමනාකරු අසිත් සිල්වා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නන්දන කුමාර, සර්වෝදය ජාතික ව්‍යාපාරයේ උපසභාපති නිශාන්ත ප්‍රීතිරාජ් යන අය එක්ව සිටියහ.
(සටහන - ජයසිරි අලවත්ත)
No comments: