Header Ads

Breaking News
recent

අතුරුදන් කරපු වාහන 4000ක් ගැන විගණකාධිපති පරීක්ෂණ පටන් ගනී! ඇත්තටම පාවිච්චි කළේ කව්ද කියලත් හොයනවා! රටවිරුවන්ට කාර් පර්මිට් 1077ක් දෙද්දිත් මහා වංචාවක් කරලා!

රාජ්‍ය ආයතන රැසක අතුරුදන් හා අස්ථානගතව ඇති වාහන 4000කට වැඩි ප්‍රමාණයක් පිළිබදව විශේෂ විගනණයක් ආරම්භ කර ඇති බව විගනකාධිපති ඩබ්ලිව් ජී සී වික්‍රමරත්න මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි  විගනකාධිපතිවරයා පවසන්නේ.

සියලුම රාජ්‍ය ආයතන ආවරණය වන පරිදී අදාළ විශේෂ විගණනය ආරම්භ කොට තිබෙනවා.

එම වාහන සත්‍ය වශයෙන් පාවිච්චි කළේ කවුරුන්ද සොයා ගැනීමට අදාළ තොරතුරු පරික්ෂාව ද ආරම්භ කොට ඇති බවයි විගණකාධිපතිවරයා පවසන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන් හෝ අස්ථානගතවී ඇති අතර ඊට මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1115ක් ඇතුළත්.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වාහන 212ක්, වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක්. තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහන 45ක්. අතුරුදන්ව හෝ අස්ථානගතව හෝ ඇති බව විගණන විමර්ශනවලදී හෙළිදරව් වී ඇති බවයි විගනකාධිපතිවරයා පවසන්නේ.

මේ අතර රට විරුවන්ට වාහන බලපත්‍ර 1077ක් ලබා දීමේදී ද අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වූ බව  ජාතික විගණන කාර්යාලය පවසනවා.

No comments:

Powered by Blogger.