Header Ads

Breaking News
recent

මහින්දගේ ගිණුම් 08ක කෝටි 93,000 කතාව බොරුවක් – පොහොට්ටුව CID යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතු බැංකු ගිණුම් අටක රුපියල් කෝටි 93,000ක මුදලක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ප්‍රබන්ධයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පසන් කස්තුරි මහතා පවසා සිටියේ මෙය දේශපාලන අරමුණින් සිදුකරන ලද්දක් බවයි.
මේ පුවත තව අයට බලන්න

No comments:

Powered by Blogger.