Header Ads

Breaking News
recent

ඇයි ඔබ පුන පුනා පැය 24 පුරා රටට විහිලු සපයන්නේ – සජිත් ප්‍රේමදාස රජයෙන් අහයි

රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාර දැඩි විවේචනයට ලක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (12) ප්‍රකාශයක් සිදු කළේය.

එහිදී විපක්ෂ නායකවරයා අවධාරණය කළේ රටේ කුඩා දරුවෙකු පවා මෙම ගල් අඟුරු වංචාව පිළිබඳව දැනුවත් වී සිටින බවයි. ජනාධිපතිවරයා ප්‍රමුඛ වර්තමාන රජයේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රශ්න කර සිටියේය:

“මේ රටේ මහා පරිමාණ ගල් අඟුරු වංචාවක් වුණා කියන එක අද පොඩි දරුවෙක් වුණත් දන්නා ප්‍රසිද්ධ රහසක්. මම ජනාධිපතිවරයා ඇතුළු මේ රජයෙන් අහන්න කැමතියි, ඇයි ඔබලා මේ විදිහට පුන පුනා පැය 24 පුරාම රටට විහිළු සපයන්නේ කියලා?”
මේ පුවත තව අයට බලන්න

No comments:

Powered by Blogger.