Header Ads

Breaking News
recent

දැන් හැංගෙන්න එපා... තියෙන තොරතුරු ලබන සතියේ කොමිසමට ගෙන්න – ඇමති නලින්ද සජිත්ට දැනුම් දෙයි!

ලබන සතියේ ආරම්භ වීමට නියමිත විශේෂ කොමිසම හමුවට තමන් සතුව ඇති තොරතුරු පෝලිමේ පැමිණ ඉදිරිපත් කරන ලෙස බලශක්ති අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ කණ්ඩායමෙන් ඉල්ලා සිටී.

“දැන් හැංගෙන්න එපා!” යනුවෙන් දැඩිව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, කොමිසමේ කටයුතු ආරම්භ වූ පසු අදාළ පාර්ශව සතුව ඇති සියලු දේවල් විධිමත් ලෙස ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කළේය.

ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජයතිස්ස අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම තමන් සතු තොරතුරු මෙම කොමිසමට ඉදිරිපත් කරනු ඇතැයි තමන් බලපොරොත්තු වන බවයි.

“අපි බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම මේකට ඇවිල්ලා තමන්ගේ අතේ තියෙන තොරතුරු ඉදිරිපත් කරයි කියලා” යනුවෙන් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ බලශක්ති අමාත්‍යාංශයට අදාළව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කොමිසම පිළිබඳව අදහස් දක්වමිනි.
මේ පුවත තව අයට බලන්න

No comments:

Powered by Blogger.