“ජනාධිපති අනුර මන්ත්‍රීවරුන්ගේ ෆෝන් කෝල්ස් ආන්සර් කරන්නේම නෑ-හැබැයි මහින්ද-මෛත්‍රී-රනිල් එහෙම නෑ” - දයාසිරිට ලොකු ප්‍රශ්නයක්!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබාදෙන දුරකථන ඇමතුම්වලට කිසිසේත්ම පිළිතුරු නොදෙන බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මන්ත්‍රීවරුන්ගෙන් ලැබෙන දුරකථන ඇමතුම් කිසිවිටෙකත් මඟනොහැරිය බව ද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සිහිපත් කර සිටියේය.

No comments: