Header Ads

Breaking News
recent

ගෝඨාට ජනාධිපතිවරණයට රට වට යන්න බැරිවෙයි.. කෞතුකාගාර නඩුව දිනපතා විභාගයට ගැනේ.. ඉක්මනින් නඩු අසා දඬුවම්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව ඔක්තෝබර් 15 වනදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර තිබේ. මැදමුලන ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී පසුගිය රජය සමයේ ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අධිකාරිය ලේකම්වරයාව ගනිමින් රාජ්‍ය මුදල් අවභාවිත කළේයැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට එකී නඩුවෙන් චෝදනා එල්ල කර තිබේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සම්බන්ධ වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

කෙසේ වෙතත් මෙම නඩු විභාගය ඔක්තෝබර් 01 වනදා තෙක් විභාගයට ගැනීම අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇත්තේ මෙම අධිකරණයට මෙම නඩුව විභාගයට ගැනීමට බලයක් නැතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ස්ථාපිත කර ඇත්තේ ඉක්මනින් නඩු අසා තීන්දු දීමටයි.


No comments:

Powered by Blogger.