සජිත් අපේක්ෂක කරන්න රනිල්ට දුන් කාලය අවසන්.. එජාප පසුපෙල මන්ත්‍රි පිරිසක් අද ඉල්ලා අස්වෙයි ?
සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක කිරීම සදහා එම පක්ස පසු පෙල මන්ත්‍රීවරුන් විසින් පක්ෂ නායකත්වයට ලබා දුන් කාලය අදින් අවසන් වෙයි.
පසුගිය 24 වැනිදා එජාප මන්ත්‍රී හේෂා විතානගේ මහතා ගොඩකවෙලදී ජනහමුවක් අමතමින් කියා සිටියේ මේ මස 30 වැනිදාට පෙර සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂක නොකලහොත් දැඩි තීන්දුවක් ගැනීමට තමන් ඇතුළු පිරිසක් සූදානම් බවයි.
30 වැනිදාට පසු තමන් ඇතුළු මන්ත්‍රි පිරිසක් දේශපාලනයෙන් සමු ගැනීමටද ඉඩ ඇති බව ඔහු එහිදී සදහන් කලේය.
ඒ අනුව අද 30 වනදා වන විටද සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කර නැති අතර එජාපය නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ ජනාධිපති අපේක්ෂක නම් කරන්නේ නාමයෝජනා කැදවීමෙන් පසු බවයි.
හරීන් ප්‍රනාන්දු මහතාද කියා තිබුනේ ගිය අගහරුවාදා වන විට සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිිපති අපේක්ෂකත්වය නොදුනහොත් තමන් අගමැතිවරයාගේ නිවසේ උපවාසයක් අරම්භ කරන බවයි.

No comments: