හිරේ ඉන්න මහ කුඩ්ඩෝ මරන්න පාකිස්තානු කුඩ්ඩන්ගෙන් සැලැසුමක් !
බන්ධනාගාරගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනකු බන්ධනාගාරය තුළදීම ඝාතනය කිරීමට පාකිස්තානයේ සහ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සූදානම් වන බව විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය විසින් හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.
පසුගිය කාලයේ මහා පරිමාණයෙන් අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය තොග සම්බන්ධ තොරතුරු ආරක්ෂක අංශ වෙත සැපයූවේ මේ පුද්ගලයන් යැයි ඝාතන සැලසුම්කරුවන් විශ්වාස කිරීම මේ තත්ත්වයට හේතුවී ඇති බව පැවසේ.
මේ සම්බන්ධ විශේෂ වාර්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය විසින් එහි සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මඟින් බන්ධනාගාර බලධාරීන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබියදීත් අදාළ සිරකරුවන් අනාරක්ෂිත කර ඇති බවට චෝදනාවක්ද මේ වන විට එල්ල වෙමින් තිබෙන අතර, ඒ පිටුපස බන්ධනාගාරයේ හිටපු ප්‍රධානියකු සිටින බවත්, ඔහු මත්කුඩු ජාවාරම් ප්‍රධානීන් සමඟ සම්බන්ධකම් පවත්වන බවත් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇතැයි ද පැවසේ.
විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව ගෙවී ගිය මාස කිහිපය තුළ පමණක් පාකිස්තානයේ සිට මෙරටට රැගෙන ආ හෙරොයින් කිලෝ ග්රෑම් 1000කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ හේතුවෙන් මේ වන විට රට තුළ දැඩි හෙරොයින් හිඟයක් ඇති වී තිබෙන බවත්, එහෙයින් හෙරොයින් මිල දෙ-තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් ආරක්ෂක අංශ පවසයි.

No comments: