මුස්ලිම් අයෙක් සිංහල නමකින් පෙනී සිටි අයෙක් අන්තවාදී රාජ්‍ය විරෝධී ක්‍රියාකරලා - කාටවත් නොදැනී ජාතික පොලිස් කොමිසමේත් ඉඳලා
අන් අයකු ලෙස පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතු සිදු කරමින් රාජ්‍ය විරෝධී ක්‍රියාවන්වල නිරත වූවා යැයි කියන සැකකරුවකු ලබන සැප්තැම්බර් 3 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පෙරේදා (27දා) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි රම්සි පුනාර් අතීෆ් මොහොමඩ් මොහොමඩ් ස්මයිල් අර්ෂාන් යන අයවලුන්ය.
කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර පොලිස් අධිකාරි ජී. නිශාන්ත ද සොයිසා මහතාට ලද තොරතුරක් මත මුස්ලිම් ජාතිකයකු සිංහල නමකින් පෙනී සිට උසස් පොලිස් නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයකු බව අඟවමින් මුස්ලිම් අන්තවාදී හා ISIS ත්‍රස්තවාදී මතවාදී දරන පුද්ගලයකු සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී මෙම සැකකරු කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
පැය 72 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව පෙරේදා (27දා) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලිසිය සඳහන් කර සිටියේ මෙම සැකකරු මරදාන ප්‍රදේශයේ හර්ශාන් යන සිංහල නමින් ආයතනයක සේවය කරන බවත් ඔහුගේ බිරිය සිංහල බවත් බිරියගේ පියා බස්නාහිර පළාත් භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බවත් පවසමින් සේවය කළ ආයතනයේ සේවය කර ඇති බවය.
තවද මෙම සැකකරු ජාතික පොලිස් කොමිසමේ සේවය කරන බව පවසමින් ඒ සම්බන්ධ ලේඛන කිහිපයක් නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනකුට ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.
එසේම සැකකරුගේ රියැදුරු බලපත්‍රය B3018012D දරන රියැදුරු බලපත්‍රයේ සැකකරුගේ නම ලෙස රම්සි පුනාර් අතීෆ් මොහොමඩ් මොහොමඩ් ස්මයිල් අර්ෂාන් ලෙසත් ජාතික හැඳුනුම්පත් අංකය 793110588v ලෙසත් උපන්දිනය 1979.11.06 ලෙසත් සඳහන් කර ඇති බවත් සැකකරු විසින් රියැදුරු බලපත්‍රයේ ඡායාරූපයක් ගෙන එය ඔහුගේ පරිගණකය භාවිත කරමින් ඔහුගේ නම මේස්ටන්ලාගෙ පුහානිගේ ආරියලාගේ මුදියන්සේලාගේ ඉෂාර හර්ෂාන් බස්නායක ලෙසද උපන්දිනය 1985.11.6 ලෙසත් ජාතික හැඳුනුම්පත් අංකය 853110588v ලෙසත් වෙනස් කර අන්තර්ජාලය තුළ පණිවුඩ හුවමාරු කරමින් සිංහල අයකු ලෙස පෙනී සිට ඇති බව පොලිසිය විසින් වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.
එසේම සිද්ධියට අදාළව වැඩිදුරටත් විමර්ශනය සිදු කරන බවද පොලිසිය විසින් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව යළිත් ලබන සැප්තැම්බර් 3 වැනිදා කැඳවීමට නියමිතය.
No comments: