Header Ads

Breaking News
recent

රාජ්‍ය ආයතන 24ක දූෂණ හෙළිකරන කෝප් වාර්තාව අද මැතිසබයට

ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන විසි හතරක සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා හා අකාර්යක්ෂමතා හෙළිදරව් කරමින් අද (23) පාර්ලිමේන්තුවට කෝප් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, මහජන බැංකුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ලංකා විදුලිබල මණඩලය,
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ලංකා විදුලි පෞද්ගලික සමාගම ඇතුළු ආයතන විසි හතරක් පසුගිය දිනවල පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් විමර්ශනය කර මෙම වාර්තාව සකස් කර ඇත.

මේ අතර, කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටින්නේ කාරක සභාවේ නිරීක්ෂණ හා නිර්දේශ මත කඩිනමින් අදාළ වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවිය යුතු බවයි.

පාර්ලිමේන්තුව අද (23) උදෑසන රැස්වන අතර එහිදී මෙම කෝප් වාර්තාව සභාගත කිරීමට නියමිත බවද පැවසේ.


No comments:

Powered by Blogger.