Header Ads

Breaking News
recent

කොරෝනා ආසාදිතයින් ගණන 1200 ඉක්මවයි !

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1200 ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1206ක්.
අද දිනයේ සවස 4.30 වන විට වෛරසය ආසාදනය වූ රෝගීන් 24 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මෙලෙස වාර්තා වූ රෝගීන් 24 දෙනා ගෙන් 19 දෙනෙකු කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායන කඳවුරු වල සිටින පුද්ගලයින් වන අතර අනෙක් රෝගීන් 05 දෙනා නාවික හමුදා සාමාජිකයින් වනවා.


No comments:

Powered by Blogger.