Header Ads

Breaking News
recent

කොරෝනා උවදුර මැද රජයේ නිලධාරීන් 13000ක් රජ ගැහිල්ලක.. වාහන ගෙදර තියලා අමාත්‍යංශ වාහනෙන් වැඩට ඇවිත්... වාහන කුළී සහ ඉන්ධන දීමනා 78 000 බැගින් අරන්

නිල වාහනය, ඉන්ධන දීමනාව ඇතුළු වරප‍්‍රසාද ලබා ගන්නා රජයේ අමාත්‍යාංශ රැසක දහතුන් දහසක පමණ නිලධාරීන් පිරිසක් අමාත්‍යාංශ වාහනය නිවසට ගෙන්වා ගෙන රාජකාරියට වාර්තා කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කර තිබේ.
මෙම ඇතැම් නිලධාරීන් අතර රජයෙන් ලබා දෙන තීරුබදු රහිත වාහන ලබා ගත් අය ද සිටින බවත් බොහෝ නිලධාරීන් තමන්ගේ වාහනය භාවිත කරමින් වාහන කුළිය ලෙස රුපියල් පනස්දහසක්, ඉන්ධන දීමනාව ලෙස රුපියල් විසිඅට දහසක් පමණ මුදලක් ලබා ගෙන අමාත්‍යංශ වාහනවලින් සේවයට වාර්තා කරන බවත් වැඩි දුරටත් අනාවරණය වී තිබේ.

ඇඳිරි නීතිය ක‍්‍රියාත්මකව පවතින කාලයේදී බොහෝ නිලධාරීන් අමාත්‍යාංශ වාහනය නිවසට ගෙන්වා ගෙන රාජකාරියට වාර්තා කර ඇති නිසා ඔවුන් එම කාලයට අදාළ වාහන කුළී සහ ඉන්ධන දීමනාව ලබා ගැනීමට කිසිදු අයිතියක් නොමැත.

එම නිලධාරී පිරිස මානුෂික වන්නේ නම් රජයට විශාල මුදලක් ඉතිරි කර දිය හැකිය.


No comments:

Powered by Blogger.