රත්නජීවන් හූල්ගේ පුරවැසිකම ගැන චෝදනා.. ඔහු මැතිවරණ කොමිසම හෑල්ලු කරයි
ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන රත්නජීවන් හූල් මහතා දිගින් දිගටම කොමිසම හෑල්ලුවට ලක්වන ලෙස කටයුතු කරන බව ශ්‍රීලනිප මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
රත්නජීවන් හූල් මහතා දෙමළ සන්ධානය සමග එක්ව යාපනේදී වෙනම මැතිවරණ නීතියක් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.
මෙරට නීතිපති, පොලිස්පති, හමුදාපති, පිළිනොගන්නා බව ද රත්නජීවන් හූල් මහතා ප්‍රකාශ කර ඇති බවත් මේ ආකාරය සලකන විට ඔහු මෙරට පුරවැසියෙක්දැයි ගැටලුවක් ඇති වන බවද ජයසේකර මහතා සඳහන් කළේ.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments: