Header Ads

Breaking News
recent

රජය 5000 බෙදන්නේ සල්ලි අච්චු ගහලා.. ලෝකයේ ගෑස් 40%කින් මිල බැහැලා.. මෙහේ අඩු කිරීමක් නෑ - අකිල විරාජ්

ට තුළ වේගයෙන් ඉහළ යන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට රජය අසමත් වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

රජයට සහනාධාර මුදල් බෙදා දෙන්නේ ද මුදල් අච්චු ගැසීමෙන් බවද ඔහු කියා සිටියේය.
ලෝක වෙළෙඳ පොළේ මේ වන විට ගෑස් මිල 40% කින් අඩු වී තිබියදී ද ඒ සහන ජනතාවට ලබාදීමට මේ ආණ්ඩුව කටයුතු නොකරන බවද ඔහු පැවසීය.

රුපියල් 100ට දෙන බව පැවසූ සැමන් අද රුපියල් 200 ඉක්මවා ගොස් ඇති බවත් පරිප්පු රුපියල් 65ට ගැනීමට නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව කියා සිටියේ වාරියපොල ප්‍රදේශයේ පැවති කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය අමතමිනි.


No comments:

Powered by Blogger.