Header Ads

Breaking News
recent

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන නවතම ඇඳිරි නීති තත්වය මෙන්න


කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී. මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කේරේ.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රීක්කවල හෙට 23, සෙනසුරාදා රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි 26, අඟහරුවාදා උදේ 5.00 ට ලිහිල් කෙරේ.

මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක
වෙයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ හෙටත් ක්‍රියාත්මක අතර මැයි, 26 අඟහරුවාදා සිට පෙර පරිදි ඉදිරියට ගෙන යනු ලැබේ. කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඇඳිරි නීතියට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.

No comments:

Powered by Blogger.