Header Ads

Breaking News
recent

ඕස්ට්‍රේලියාවෙන් පැමිණි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ දියණිය නිරෝධායනය නොකර ගෙදරට අරන් ගිහින් ?

ස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටින යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා වන මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතාගෙන් දියණිය කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණ නිරෝධායන ක‍්‍රියාවලියට ලක් නොවී නිවස බලා ගෙන ගිය බව අන්තර්ජාල මාධ්‍ය වල පළවූ පුවත අසත්‍ය බව ඔහුගේ දියණිය සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ තමන් මේ වන විටත් මීගමුවේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින බවයි.

ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ඇය මේජර් ජනරාල්වරයාගේ ආරක්ෂක රථයක නංවාගෙන නිරෝෂාටන රෙගුලාසි කඩමින් නිවස බලා ගෙන ගිය බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් පසුගිය සතියේ වාර්තා කර තිබිණි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාගේ දියණිය සමබන්ධයෙන්ද මේ ආකාරයෙන්ම පුවත් පළ කර තිබුණද ඇය වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ තමන් මේ වන විටත් විදේශයේ අධ්‍යාපනය ලබමින් සිටින බවයි.


No comments:

Powered by Blogger.