Header Ads

Breaking News
recent

මහින්ද වැඩ ගැන හිටපු ජනපති කනස්සල්ලෙන් !

ශ්‍රි.ල.නි.ප කළුතර දිස්ත්‍රික්ක නායකයා ලෙස කටයුතු කළ මහින්ද සමරසිංහ මහතාගේ වර්තමාන වැඩපිළිවෙළ පිළිබඳව ශ්‍රී.ල.නි.ප සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි කනස්සල්ලෙන් පසුවෙන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
2015 අගෝස්තු මහා මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ සමරසිංහ මහතාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ප්‍රබල අමාත්‍ය ධූර රැසක් ලබා දීමටත්, සෑම වර්ෂයකම එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ සමුළුවට සමරසිංහ මහතාව රජයේ ප්‍රධාන නියෝජිතයෙකු ලෙස සහභාගී කරවීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරන ලදී.

පසුගිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ සමරසිංහ මහතා කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයන් ශක්තිමත් කරනවා වෙනුවට එම පාක්ෂිකයන් පවා දී හෑල්ලුවට ලක් කිරීම පිළිබඳව සිරිසේන මහතා කනස්සල්ලෙන් පසුවෙන බව වාර්තා වෙයි.

ඒ නිසා මේ වන විට සමරසිංහ මහතාව ශ්‍රී.ල.නි.ප යෙන් හා කළුතර දිස්ත්‍රික් නායකත්වයෙන් ද නෙරපා තිබේ.


No comments:

Powered by Blogger.