Header Ads

Breaking News
recent

ඩඩ්ලිගේ හාල් මෝලයි අපි පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලීමයි බුද්ධාගමයි ධීවර කර්මාන්තයයි වගේ - දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාගේ සහල් ව්‍යාපාරයත් ශ්‍රීලනිපය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව මැතිවරණයට ඉදිරිපත් වීමත් යනු එකිනෙකට සම්බන්ධයක් නොමැති වෙනස් කාරණා දෙකක් බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
"ඩඩ්ලි සිරිසේන මහතාගේ හාල් නිෂ්පාදනයයි අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක ඡන්දය ඉල්ලීමයි කියන්නෙ බුද්ධාගමයි ධීවර කර්මාන්තයයි වගේ එකට එකක් නොගැලපෙන කාරණා දෙකක්. නිලධාරීන් සාධාරණව හැමතැනකම වැඩ කරයි. කොළඹදි එක කාරණයක් ඩඩ්ලි සිරිසේන මහත්තයා ඉස්සර එක කාරණයක් කියලා මම විස්වාස කරන්නෙ නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පස්වරුවේ කුරුණෑගලදී පැවති රැස්වීමකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රීලනිපය තුළ කිසිදු බෙදීමක් නොමැති බව අවධාරණය කළ ඒ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාව පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ උත්සාහයක් පිළිබඳ පැතිර යන කටකතා අසත්‍ය බවත් ප්‍රකාශ කළේය.

No comments:

Powered by Blogger.