මෙරට COVID 19 ආසාදිතයින් ගණන 1140 දක්වා ඉහළට
අද(24) දිනයේ රාත්‍රී 11.00 වන විට නව ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1140 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් දැනට රෝගීන් වාර්තා වන්නේ නාවික හමුදා නියැදියෙන් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය අතරින් පමණයි.
ඊයේ(23) දිනයේ පමණක් පී.සී.ආර්.පරීක්ෂණ 1998 ක් සිදුකළ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.
ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 21 ක්.
ඒ අතරින් 19 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර සෙසු දෙදෙනා ඩුබායිහි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳීසිටි අයයි.
ඒ අනුව නාවික හමුදාවෙන් මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 626 ක්.
ඒ අතරින් තවත් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 293 දක්වා ඉහළ ගියේය.
ඉකුත් අප්‍රේල් 22 වැනිදා පළමු ආසාදිත නාවික සෙබළා හඳුනාගැනීමෙන් දින 32 කට පසුවත් එම නියැදියෙන් තවදුරටත් ආසාදිතයින් වාර්තා වෙයි.

No comments: