Header Ads

Breaking News
recent

මා කීවේ මැතිවරණ ක‍්‍රියාවලිය ඉදිරියට යා හැකි බවයි.. සති තුනකින් කොරෝනා ආවොත් මැතිවරණ නොවෙයි කිසිවක් කරන්න බෑ..

තමන් පවසා ඇත්තේ මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට යාහැකි බව යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
නමුත් යම් ලෙසකින් කොරෝනා වෛරසය තවත් සති තුනකින් නැවත පැමිණියහොත් මැතිවරණ නොව කිසිවක් කළ නොහැකි වනු ඇතැයි ද ඔහු පැවසීය.

තමන් සිදුකරන කාර්යය දේශපාලනය කෝණයෙන් නොබලව ලෙසත් දේශපාලඥයන් දමන කූඩයකට තමන් නොදමන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

තිස් වසරක් රාජ්‍ය සේවයේ නිරත වූ තමන් කිසිදිනෙක දේශපාලනඥයකුට කඩේ ගොස් නැතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

ජාතික රූපවාහිනියේ පැවති ලෙස ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Powered by Blogger.