වෙන පෝයක වෙසක් පොසොන් පෙන්නීමේ ආණ්ඩුවේ සැලැසුම !
මෙවර පැවැත්වීමට නොහැකි වන වෙසක් පොසොන් උත්සව වෙනුවට වෙනත් පොහොය දිනයක රාජ්‍ය බෞද්ධ උත්සවයක් සංවිධානය කිරීමට රජය සූදානම්වන බව වාර්තා වේ.
මේ යෝජනාව කොරෝනා කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තොරණ නිර්මාණකරුවන් සමග පැවැති සාකච්ඡාවකදී යෝජනා වී තිබේ.
එහිදී වෙසක් පොසොන් සමයන්හි තොරණ ඉදිකරන ප්‍රධාන පෙළේ බෞද්ධ සංවිධාන ගණනක් කොරෝනා කාර්ය සාධන බලකායෙන් එහිදී සහන ඉල්ලා තිබේ.
වෙසක් පොසොන් කාලයන්හි දිවයිනේ ප්‍රධාන තොරණ 30ක් ඉදිකරන බවත් එක් තොරණක් සඳහා රුපියල් ලක්ෂ 20ක මූලික වියදමක් යන බවත් තොරණ සංවිධායකයෝ එහිදී පවසා ඇත.
මෙම නිර්මාණ ශිල්පීන්ට බැංකු ණය ඇතුළු පහසුකම් සැලසීමටත් එහිදී එකඟව ඇති බව වාර්තා වේ.
කෙසේවුවද, පසුගිය දිනවල ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීම්වලදී හෙළිවූයේ රජය විසින් පසුගිය කාලයේදී මධ්‍යම හා කුඩා ව්‍යාපාර සඳහා ලබාදෙන ලෙස නියම කරන ලද බැංකු ආධාර හා ණය මුදල් ද බැංකු මගින් ලබා ගැනීම අපහසුවී ඇති බවයි.
එසේම ලීසිං සඳහා ලබාදුන් සය මසක සහනයද බහුතරයකට ලැබී නොමැති බවයි. බොහෝ ලීසිං සමාගම් පසුගිය මාසවල හිඟ සහිත පාරිභෝගිකයන්ට මේ සහනය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ඊට හේතුව බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ආණ්ඩුව හා මූල්‍ය ආයතන දැඩිව විවේචනය කර තිබේ. එවැනි පෝස්ට් කිහිපයක් පහත දැක්වේ.

No comments: